Sunday, September 20, 2015

ඔබේ Android දුරකතනයට Root කිරීමෙන් තොරව සිංහල දාගන්න

කාලෙකින් post එකක් දාන්න හම්බවුනේ. ගොඩක් දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමා phone එකට සිංහල දාගන්න එක. ගොඩක් තැන් වල කියල දීල තියනවා phone එක root කරලා සිංහල දාගන්න විදිය ඒත් ඒක හැමෝටම කරන්න විදියක් නෑ. root කිරීමෙන් දුරකතනයේ වගකීම නැති වෙන නිසා ගොඩක් දෙනෙකුට ඒක කරන්න බෑ, තවත් කෙනෙකුට root කරගන්න එක ටිකක් අමාරු වැඩක්.ඉතින් මම අද කියල දෙන්න යන්නෙ phone එකේ වගකීම නැති කරගන්නෙත් නැතුව කිසිම අවදානමක් ගන්නෙත් නැතුව ඔයාගෙ phone එකට සිංහල දාගන්න විදියක් ගැනයි.


හැබැයි තව එකක් මේ වැඩේ හරියන්නෙ samsung galaxuy වර්ගයේ phone වලටයි. අනික් ඒවා ගැනනම් මම දන්නෙ නෑ හැබැයි මොකටත් ඒ අයත් මේක උත්සහ කරල බලන්න හරිගියොත් comment එකක් දාල අනික් අයත් එක්කත් බෙදාගන්න.